FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ වයිට්වොෂ් වෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පස් වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 88කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව ඊයේ (10) සමත් විය.

එ අනුව ඔවුන් තරග පහකින් යුත් එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජය ගැනිමට සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී සඳහා මදකුණු අප්‍රිකාවට ආරාධනය කර සිටියේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක්දැවී ලකුණු 384ක් රැස් කළේය.

හෂීම් අම්ලා ලකුණු 154 ක්  හා ක්වින්ටන් ඩිකොක් ලකුණු 109ක් රස් කළේය.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 03ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 296ක් පමණි.

අසේල ගුණරත්න නොදැවී ලකුණු 114 ක් ලබා ගත් අතර සචිත් පතිරණ ලකුණු 56 ක් රැස් කළේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රිස් මෝරිස් කඩුලු 04ක් බිද හෙලීය.