FAST NEWS

24×7 Around the Globe

සාමාජිකයන් ගණන 500ක් – චීනයෙන් වාර්තා වූ පවුලේ ඡායාරූපය මෙන්න…

 

සාමාජිකයින් 500 දෙනෙකුගෙන් යුත් පවුලක් එකම අවස්ථාවේ කණ්ඩායම් ඡායාරූපයක් වෙනුවෙන් පෙනී සිටි පුවතක් චීනයේ සිජියෑන් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ රෙන් නම් පවුලක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති බවයි.

පවුලේ ආරම්භය වසර 851 ක් තරම් අතීතයට දිවයන අතර මේ වනවිට පරම්පරා 7 කට අයත් 2000 ක පිරිසක් ජීවතුන් අතර සිටින බව වාර්තා වේ.

ඡායාරූපය ලබා ගැනීම සඳහා ඩ්රෝන් කැමරාවක් යොදාගැනීමට ඡායාරූප ශිල්පීයාට සිදුවූ බවද සදහන් වේ.