FAST NEWS

24×7 Around the Globe

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් චීන ජනපතිට ලිපියක්..

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජිං පිං වෙත ලිපියක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සුබ පතා ෂී ජිං පිං විසින් එවන ලද ලිපියට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම පිළිතුරු ලිපිය යොමු කර ඇති බව සඳහන්වේ.

එම ලිපිය මඟින් ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සහ අමෙරිකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමක් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයට එරෙහිව පසුගිය කාලය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විවිධ ප්‍රකාශ සිදු කර තිබූ පසුබිමක මෙවැනි ලිපියක් යොමු කිරීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

තායිවානය සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය කාලයේ ප්‍රකාශ නිකුත් කර තිබේ.