FAST NEWS

24×7 Around the Globe

හච් වෙතින් නව පහසුකමක් ලැබෙන්නේ මෙහෙමයි…

 

ලංකාවේ වේගවත්ම ව්‍යාප්ත වන මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයක් වන හච් වෙතින් සිය පාරිභෝගිකයන් හට තවත් නවමු අත්දැකීමක් එක්කිරීමට කටයුතු කර තිබේ.

එනම්, ‘ඔන්ස්ක්‍රීන් බඩී’ ලෙස හැඳින්වෙන නව පහසුකමක් ලබා දීමෙනි.

සාමාන්‍යයෙන් ජංගම දුරකතන හෝ උපාංග වලින් අන්තර්ජාලයට පිවිසෙන්නන් හට දත්ත පැකට් (data packs) සක්‍රීය කිරීමට හා ගිණුම් ශේෂය බලාගැනීමට කෙටි කෝඩ් එකක් මතක තබාගැනීමට හෝ ඊට විශේෂිත වූ ඇප් එකක් බාගැනීමට සිදුවේ.

‘ඔන්ස්ක්‍රීන් බඩී’ සමග ඒ කිසිවක් අවශ්‍ය නොවන අතර, මෙමගින් ඉහත ක්‍රියා දෙකම, භාවිතා කරන බ්‍රවුසරයේ සිටම කරගත හැකි වන අතර කළ යුතු වන්නේ බ්‍රවුසර් පිටුවේ කෙළවරක ඇති හච් ලාංඡනය ටැප් කිරීම පමණි.