FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන් මෙහෙයුම් කාර්ය බහුල වෙලා… (ඡායාරූප)

 

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වසර මුල සිට ගුවන් යානා මෙහෙයුම් සිදු කිරීමේ කාර්ය බහුල තත්ත්වයක පවතින බව මත්තල ජාත්‍යයන්තර ගුවන්තොටුපලේ කළමණාකරු උපුල්කලන්සූරිය පැවැසීය.

ඔහු සදහන් කලේ කොළඹ කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපල නවීකරණය කිරීම ආරම්භවීමත් සමඟම හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ගුවන් යානා සහ ගුවන් මගින් හැසිරවීමේ කාර්ය බහුලතාවය ඇති වූ බවයි.

මේ වසරේ ජනවාරී මුල් සතියේ සිට ජනවාරි මාසය අවසන් වන තෙක් පමනක් ගුවන් ගමන් වාර 212 ක් මත්තල ජාත්‍යයන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු කර ඇති අතර, ඉන් ගුවන් මගීන් 16942 දෙනෙක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීම හා ඉන් පිටව ගොස් ඇති බව ද සඳහන්ය.

මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලක අවශ්‍යතාවය කලෙක සිට කථා බහට ලක් වූ අතර මෙරට විවිධ ස්ථාන ඒ සඳහා තෝරා ගත්තද අවසන් වශයෙන් හම්බන්තොට මත්තල ප්‍රදේශය තෝරාගෙන මෙරට දෙවන ජාත්‍යයන්තර ගුවන්තොටුපල ලෙස මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල 2013 වසරේ මාර්තු 18 දා නිළ වශයෙන් විවෘත කෙරිණි.

මේ වසරේ ජනවාරී මාසයේ සිට කාර්ය බහුල තාවයට පත් වුයේ කොළඹ කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපල අළුත්වැඩියා කිරිම නිසා ගුවන් වාර මත්තලට හරවා යැවිම හේතුවෙනි.

ඡායාරූප පහතින්..