FAST NEWS

24×7 Around the Globe

එකම අමාත්‍යාංශයේ අමාත්‍යවරයයි, ලේකම්වරයයි මහ මැතිවරණයට ඉල්ලන දුර්ලභ අවස්ථාවක් ..

එකම අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේම ලේකම්වරයා මහ මැතිවරණයට පක්ෂ දෙකකින් තරග කිරීමට ඉඩ ඇති විරල අවස්ථාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවෙයි.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් එළඹෙන මහ මැතිවරණයට තරග කරනු ලබයි.

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන කරුණාරත්න පරණවිතාන මහතා ද එළඹෙන මැතිවරණයේ දී රත්නපුරය දිස්ත්‍රික්කය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටී.

පරණවිතාන මහතා මැතිවරණයට ඉදිරිපත්වනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙක් වශයෙනි.