FAST NEWS

24×7 Around the Globe

ගෝඨා හා සුසිල් අතර ඇමෙරිකාවේ හමුවක්…

 

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ විද්‍යා හා තාක්‍ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අතර හමුවක් පසුගියදා ඇමෙරිකාවේදී පැවැති බව වාර්තා වෙයි.

එහිදී මොවුන් ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බවද පැවැසේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ දිනවල ඇමෙරිකාවේ සංචාරයක නිරත වන්නේ විද්‍යා හා තාක්‍ෂණ පර්යේෂණ අමාත්‍යාංශයට අදාළ නිල කටයුත්තක් සඳහාය.