FAST NEWS

24×7 Around the Globe

සනත් ඉල්ලා අස් වෙයි! – හේතුවත් හෙළි වෙයි…

 

දකුණු අප්‍රිකාවේ සිට ලංකාවට අද (09) දිනයේ පැමිණීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිය ඉල්ලා අස්වීම ඊයේ (08) දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවා ඇති බව වාර්තා වේ.

ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත්තේ එංගලන්ත ඒ කණ්ඩායම සමඟ තරඟ වැදීමට, නම් කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ක්‍රිකට් බලධාරීන් විසින් වෙනස් කිරීම නිසා බවද පැවසේ.

ඊයේ (08) එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා මාධ්‍ය හමුවක් පැවැති අතර ඉතිහාසයේ පළමු වරට එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ඒ පිලේ නායකයකු සහභාගි නොවීය.

එහිදී මාධ්‍යවේදින් ශ්‍රී ලංකා ඒ පිලේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් විමසූ අතර ඔහු තමාට 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් දී ඇති බව පැවසුවද අදාළ ක්‍රීඩකයන් කවුදැයි විමසුව විට ඔහුට ඉදිරිපත් කළ හැකි වූයේ නම් දෙකක් පමණි.

කසුන් රාජිත හා ළහිරු ගමගේ යන ක්‍රීඩකයන් දෙදෙනාගේ නම් හෙතෙම එහිදී ප්‍රකාශකරන ලදි.

එසේම මේ මාධ්‍ය හමුවට පුහුණුකරුවන්ගේ ප්‍රධානී ජෙරම් ජයරත්නද සහභාගි වුනේය.