FAST NEWS

24×7 Around the Globe

රජයේ වැටුපට අලුත් ක්‍රමවේදයක්…?

 

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමේ සූදානමක් ඇතැයි රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය පැවැසීය.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න සදහන් කළේ මාසික වැටුප කොටස් දෙකක් ලෙස ලබාදීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.‍

මසක 20වනදා හෝ 25වනදා වැටුප් ලබාදීම සාමාන්‍ය ක්‍රමය වුවත් මෙම ක්‍රමය යටතේ මූලික වැටුප එම දිනයන්ට ලබාදී දීමනාවන් මසක 5වනදා හෝ 10වනදාට තීරණය කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසිය.

එසේම මෙම තීරණය කිසිසේත්ම රාජ්‍ය සේවයට සුබදායි එකක් නොවන බවත් හා මෙවැනි තීරණයක් ගන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වුවද ආරම්භ කිරිමට සූදානම් බව මෙහිදී ඔහු වැඩිදුරටත් පවසන ලදි.