FAST NEWS

24×7 Around the Globe

‘උඹල දැනගනිං මගේ මාම තමයි යකෝ මිනිස්ට්‍රියේ ලේකම්’ – බෑණා ඇගට ගොඩවේ…

ඉහල ගමන් බිමන් සම්බන්ධ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරන නිලධාරියකුගේ දියණිය සහ බෑණා යන දෙපළටම තමා යටතේ ක්‍රියාත්මක වන අධිකාරියක රැකියා ලබාදී ඇතැයි වාර්තා වේ.

දියණිය ආයතන ප්‍රධානියාගේ කාර්යාලයේ රාජකාරී කරන අතර විවාහ ගිවිසගත් තැනැත්තා ගුවන් යෝග්‍යතා අංශයට මෑතදී බඳවාගෙන ඇත.

අධිකාරියේ මත්බේදාත්මක කටයුතු පහසුවෙන් හා ඉතා ඉක්මනින් අමාත්‍යාංශය හා අමාත්‍යවරයා ලවා කර ගැනීම සඳහා මෙම පත්වීම් දෙකම ලබාදී ඇතැයි අධිකාරියේ සේවකයෝ පවසති.

පසුගියදා මත්තල ගුවන් තොටුපළේදී සිදුවූ සිදුවීමකදී ලේකම්වරයාගේ බෑණා ගුවන්සේවා අධිකාරියේ තවත් නිලධාරිකුට තර්ජනය කොට ඇත්තේ ‘උඹල දැනගනිං මගේ මාම තමයි යකෝ මිනිස්ට්‍රියේ ලේකම්’ යයි පවසමිනි.

මේ හේතුවෙන් අදාළ ගුවන්සේවා නිලධාරියා බලවත් අපහසුතාවයට පත්ව ඇත.

ලේකම්වරයාගේ සිත රිදෙතැයි බියෙන් අධිකාරිය විසින් බැණුම් ඇසූ නිලධාරියාට විරුද්ධව විනය පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

මේ අතර අධිකාරියේ ලිපි/ලිපිගොනු පවා දියණිය විසින් පියාට ගෙන ගොස් දෙන්නේ කාර්යාල පටිපාටි පවා උල්ලංඝනය කරමින් බවද වාර්තා වේ.

සුදුසුකම් සහිත බොහෝ පිරිස් රැකියාවක් නොමැතිව සිටියදී මෙවැනි පවුල් සංස්ථා රජයේ ආයතන වලට බඳවා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා වහාම මැදිහත්වී ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකාරී සේවකයෝ ඉල්ලා සිටිති.