FAST NEWS

24×7 Around the Globe

අයිෆල් කුළුණ ඉදිරියේ නිරුවත් සෙල්ෆි ගත් නිරූපණ ශිල්පිනියකට වන දේ.

ප්‍රංශයේ පැරිස් නුවර කිවුවොත් ලොව පුරා කාටත් අමතක නොවන ස්ථානයක්.

ඒ තමයි ලෝකප්‍රසිද්ධ  අයිෆල් කුළුණ එහි පිහිටා තිබීම. මේ නිසා එය පැරිසියේ සදාතනික සිහිවටනය ලෙස සැලකෙනවා.

මෙම කුළුණේ ඇන්ටනාව සමග එහි සම්පුර්ණ උස මීටර 324.00 (අඩි 1,063)ක් පමණ වෙනවා.

මෙම කුළුණ ගොඩනැගීමේ කටයුතු ක්‍රි.ව 1887 දි ආරම්භ කර ක්‍රි.ව 1889 දි එය අවසාන වි තිබෙනවා.

ඉතින් ලොව උසම කුළුණු අතරින් එකක් වන මෙය විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබීමත් අමුතුවෙන් කියන්න ඕන කතාවක් නොවන්නේ දැන් කියන්න යන මේ අලුත්ම අලුත් කතාව නිසයි.

ඒ තමයි පහත ඡායා රූපවල සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක  වන ස්විස්ටර්ලන්ත ජාතික මිලෝ මොයිර් (31) තරුණිය සම්පූර්ණයෙන් නිරුවත් වෙමින් සෙල්ෆි ඡායා රූපයකට තවත් සංචාරකයින් පිරිසක් සමග එක්ව සිටීමයි. ඡායා රූපයේ පසුබිම ලෝකප්‍රසිද්ධ මේ අයිෆල් කුළුණයි.

ඉතින් අයිෆල් කුළුණ ඉදිරිපිට මෙහෙම මහ දහවල් නිරුවත් වෙලා සෙල්ෆි ඡායා රූපයක් ගත් තරුණිය ‍පැරිස් පොලීසිය අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමෙන් පසු වසරක සිරදඬුවමක්ද නියම කර තිබෙනවා.

මිලෝ මොයිර්ගේ විනෝදාංශයක් වන්නේ ලොවපුරා ජනප්‍රිය ස්ථානවලට ගොස් සම්පූර්ණයෙන් නිරුවත් වෙමින් සෙල්ෆි ඡායා රූප ගැසීම බව ද වාර්තා වෙනවා. එලෙස ඇය විසින් ගත් ඡායාරූප මේවන විට අන්තර්ජාලය පුරා දකින්නත් පුළුවන්.

12456