FAST NEWS

24×7 Around the Globe

ශෂිකලා නටරාජන් මහ ඇමති ලෙස දිව්රුම් දීම 09 වැනිදා

ශෂිකලා නටරාජන් මහත්මිය ලබන 09 වැනිදා තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස දිවුරුම් දීමට නියමිතය.

වත්මන් තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් මහතා ඊයේ (05 දා) තමා ඉල්ලා අස්‌වන බව නිවේදනය කළේය.

සමස්‌ත ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ මහ ලේකම් තනතුරට ඊයේ (05) ශෂිකලා නටරාජන් මහත්මිය තේරී පත් වූවාය.

අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මියගේ ළඟම හිතවතිය වූයේ ශෂිකලාය.