FAST NEWS

24×7 Around the Globe

මාලිංග හා ඕස්ට්‍රේලියානු T20 තරගාවලිය ගැන අර්ජුන ද සිල්වාගෙන් ප්‍රකාශයක්…

 

වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සාමාජික මහාචාර්ය අර්ජුන ද සිල්වා සදහන් කර ඇති බව ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

ඒ අනුව ඔහු අදහස් දක්වමින් පවසා ඇත්තේ මාලිංග ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියට එක් කරනවාද නැද්ද යන්න තීරණය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සතු බවයි.

ලසිත් මාලිංග ඉකුත්දා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කී‍්‍රඩකයින් තෝරා ගැනෙන පුහුණු සැසියකටද එක් වූ අතර ඒ සඳහා ඔහු රැගෙන යාමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මූකේෂ් අම්බානි විසින් එවූ විශේෂ ගුවන් යානයක්ද රත්මලාන ගුවන් තොටුපොළ වෙත ඉකුත්දා පැමිණෙන ලදි.

ලසිත් මාලිංග අවසන් වරට අන්තර් ජාතික කි‍්‍රකට් තරගයක් සඳහා සහභාගි වූයේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේ පැවති පන්දුවාර විස්ස ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහාය.