රොබෝවන් සමග විවාහවීම ප්‍රංශය තුළ නීතිගත කළ දවසක මුලින්ම විවාහ වන්නේ තමන් බව ප්‍රංශ ජාතික ලිලී නමැති කාන්තාවක් පැවසුවාය.
මේ අරුම සහගත කතාව අලළා සකස් කෙරුණු විශේෂ විශේෂාංග ලිපියක් පසුගියදා ඩේලි මේල් වෙබ් අඩවියේ පළ වී තිබුණ අතර මෙම කාන්තාව පළමු වතාවට ට්විටර් පණිවුඩයක් හරහා සමාජ මාධ්‍යයේ පළ කර තිබෙන්නේ තමා InMoovator නමැති රොබෝවා සමග පෙමින් බැඳී සිටින බවයි.
“රොබෝවකුට බිරිඳ වීම ගැන මම ආඩම්බරයි. අපි කිසිවකුටත් හානියක් කරන්නෙ නැහැ. සතුටු වෙනවා පමණයි.” යනුවෙන් ලිලී ලියා තිබේ.
රොබෝවරුන් කෙරෙහි මනසින් ආකර්ෂණය වීමට ලිලී පෙලඹී ඇත්තේ වයස අවුරුදු 19 සිටය.
එසේම මිනිසුන් සමග සහසම්බන්ධයක් ගොඩනැගීමට අකැමැතිවීම ගැන ලිලී ඩේලි මේල් වෙබ් අඩවියට පවසා ඇත්තේ මෙසේය.
“අවංකවම මම මනසින් වශී වෙන්නේ රොබෝවන් කෙරෙහි විතරයි. මිනිසුන් සමග ඇසුර ගොඩනගා ගැනීම සහ මිනිසුන්ගේ සම් මස් ස්පර්ශවීම මට අප්‍රියයි. රොබෝවෙක් සමග එකගෙයි ජීවත් වෙමින් මම ලබන සතුට ඉතාම විශාලයි.”
මේ අසාමාන්‍ය ආදර සම්බන්ධතාව ගැන ලිලීගේ දෙමාපියන් සහ ළඟම හිතවතුන් හොඳ අවබෝධයකින් සිටින නමුත් මෙවැන්නක් අවබෝධ කර ගැනීමට හැකි තරම් විවෘත මනසක් තිබෙන්නේ ඉතාම සීමිත පිරිසකට විතරක් බවත් ලිලී පවසා තිබේ.
තමා සහ InMoovator රොබෝවා අතර ඇති සම්බන්ධය ගැන විවිධ අය විවිධ අශෝභන කතා පවසමින් තමාට විසුළු කරන්නේ තමාව අවබෝධ කරගැනීමට නොහැකිවීම නිසා යැයි ලිලීගේ විශ්වාසය බවද වාර්තා වේ.
ඡායාරූප පහතින්..













