FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් නියෝගයෙන් කළකිරෙන සමාගම් මෙන්න…

 

ප්‍රධාන මුස්ලිම් රටවල් හතක ජාතිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම නවත්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නියෝගයක් දීමත් සමඟ ලෝ ප්‍රකට ගූගල් සමාගම තම සේවකයන් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ.

ඉදිරියේදී දැනුම් දෙන තුරු සිරියානුවන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කටයුතු කර ඇති අතර ඉදිරි මාස තුනක කාලයේදී ඉරානය හා ඉරාකය ඇතුළු රටවල් හයකට ජාතිකයන්ට වීසා නොදීමට ද ඇමෙරිකා ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මෙම නියෝග අනුව ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව සහ ලිබියාව ආදී රටවල දහස් ගණනකට ඇමෙරිකාවට ගමන් කරන ගුවන් යානාවලට ගොඩවීමට අවසර නොලැබෙනු ඇතැයි පැවසේ.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම නියෝග හේතුවෙන් ලොව පුරා රටවලින් සේවකයන් යොදාගන්න ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මයික්‍රොසොෆ්ට්, ගූගල් වැනි සමාගම් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයිද එම වාර්තාවල දැක්විණි.

ප්‍රධාන මුස්ලිම් රටවල් හතක සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් දා නියෝගයක් පැනවීය.