FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත‍්‍රී ලෝක වාර්තාවක් තියලා…

 

‘ලෝකයේ එකම දේශපාලන නායකයෙක් තමයි තමන්ගේ පක්ෂය පරාජය කිරිම සඳහා කටයුතු කොට ඇත්තේ.. ඒ තමයි වර්තමාන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා’ යයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ඊයේ නුගේගොඩ පැවති පොදු විපක්ෂයේ රැලිය අමතමින් ප්‍රකාශ කියා සිටියේය.

ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලන පක්‍ෂයක් තවත් පක්‍ෂකට පරාජය විමත් අනෙක් පක්‍ෂය ජයග්‍රහණය කිරීමත් සාමාන්‍ය දෙයක්. පක්‍ෂ නායකයන් මෙන්ම පාක්ෂිකයන් තම පක්‍ෂය ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.

නමුත් ලෝකයේ එකම රට ලංකාව පමණයි තමන්ගේම පක්ෂය පැරදවීමට කටයුතු කල නායකයෙක් සිටින්නේ. ඒ තමයි වර්තමාන ජනාධිපති ශ‍්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන’ යයිද හිටපු අමාත්‍යවරයා පැවසිය.