FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරයේ සිටින විමල්ගේ හඬ නුගේගොඩ රැළියට ආ හැටි… (වීඩියෝ)

 

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ පෙරලියක ඇරඹුම විරෝධතා රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයේදී පැවැත්වුණා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට මෙම රැළිය සඳහා සහභාගී වීමට හැකිවුනේ නැහැ.

ඒ මන්ත්‍රීවරයා ලබන මස 07 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් වීරවංශ වෙනුවෙන් සියලු දෙනා නැගිට ප්‍රතිඥාවක් කියවන ලෙස නිවේදකයා පැවසුවා.

වීඩියෝව පහතින්..

රිමාන්ඩ් බාරයේ සිටින විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක වීඩියෝපටයක් මෙම රැළිය අතරතුර විකාශය කිරීමද මෙහිදී සිදුවූ විශේෂ සිදුවීමක්.

එම වීඩියෝව පහතින්..