FAST NEWS

24×7 Around the Globe

ආගම්වාදයයි ජාතිවාදයයි නිසා ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවිවලට කරන්න යන දේ…

 

ජාතික සංහිඳියාවට තර්ජනයක් වන සමාජ ජාල වෙබ් අඩවි පාලනය කිරීමට මාධ්‍ය කොමිසමක් පත් කිරීමට රජය සැලැසුම් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය ප්‍රකාශ කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ආගම්වාදයට සහ ජාතිවාදයට හේතුවන පරිදි ඇවිළෙන සුලු ප්‍රචාරයන් ගෙන යන නිසා මේවා පාලනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් අප රට තුළ නොමැති බවයි.

හෙතෙම සඳහන් කරන්නේ මේ හේතුවෙන් රටට ජාතියට මෙන්ම ජාතික නායකත්වයට සිදුවන අගතිය අතිමහත් බවයි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතානගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් කැඳවීමට තීරණය කර ඇතැයිද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.