FAST NEWS

24×7 Around the Globe

පාරේ සුනඛයින්, බළලුන් අතහැර යන අයට වෙන දේ මෙන්න…

 

පොදු ස්ථානවලට සුනඛයින් බළලුන් ගෙනවිත් දමන පුද්ගලයන් CCTV කැමරා භාවිතයෙන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට පොලීසිය උපදෙස් දීමට තීරණය කර තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා දන්වා තිබේ.

සත්ත්ව සුබ සාධනය සඳහා උපදේශන කමිටුවක් පත්කිරිම පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ බව දන්වා ඇති අතර අමාත්‍යාංශය හා පළාත් සභා හා අදාළ අංශ වල නිලධාරීන් ඇතුළත්ව මෙම කමිටුව පත්කිරීමට නියමිතය.

එසේම දිවයින පුරා පාසල්, රෝහල්, බස් නැවතුම්පොළ හා පොදු වෙළදපොළ ආශ්‍රිතව ගැවසෙන සුනඛයින් හේතුවෙන් පළාත් පාලන ආයතන වලට විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.