FAST NEWS

24×7 Around the Globe

ගරුතර මහා සංඝ රත්නයට ‘ගල් කොල්ලෝ’ කියා අපහාස කරමින් රට පුරා පෝස්ටර්…

 

හම්බන්තොට වරාය සහ ඉඩම් අක්කර 15000 ක් චීනයට බදු දීමට විරුද්ධව පැවති සාමකාමී උද්ඝෝෂණයට පිට පලාත්වලින් පැමිණි පිරිසක් විසින් මුලින්ම ගල් මුල් ප්‍රහාරයක් එල්ල කලහ.

මෙයින් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ අතර එම සාමකාමී උද්ඝෝෂණයට සහභාගි වූ මහා සංඝ රත්නයටද එලව එලවා පහරදීම ලොව පුරා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී.

මෙයින් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් ජාත්‍යන්තරව අත්වුන අතර විදේශ ආයෝජන කෙරෙහි ද බලපෑමක් කිරීමට එම සිද්ධිය බලපෑවේය.

එයින් පාඩමක් ඉගෙන නොගත් රජයේ සමහර නායකයින් එම සිද්ධියට මුවාවී මහා සංඝරත්නයට අපහාස වන අන්දමේ පෝස්ටරයක් අද(27) දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල අලවා තිබුනි.

එයින් අදහස් කරනුයේ රටේ සංවර්ධනයට ගරුතර මහා සංඝයාවහන්සේලා විරුද්ධව කටයුතු කරන බව හැගවීමකි.

මෙම පෝස්ටරය සම්බන්ධව එජා පක්ෂයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කොට තිබුණි.

එම පෝස්ටරය පහතින්..