FAST NEWS

24×7 Around the Globe

ලොව හොදම ගණිකාවෝ සිටින රට ගැන පූටින් කියයි…

 

ලොව හොඳම ගණිකාවන් සිටින්නේ රුසියාවේ බව ජනාධිපති ව්ලදිමීර් පූටින් පවසා තිබේ.

රුසියාවේ ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, 2013 ලෝක රූ රැජින තරගය අවස්ථාවේ මොස්කව් නුවර රිට්ස් කාල්ටන් හෝටලේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගණිකාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් රුසියාව සතුව පවතින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමිනි.

එම චෝදනාව තරයේ බැහැර කළ ව්ලදිමීර් පූටීන්, ඉන් අනතුරුව මෙසේද පැවසීය.

“ඔහු සදාචාරයක් නැති කෙල්ලෝ බලන්න හෝටලේකට දිවුව කියල මම හිතන්නේ නෑ. හැබැයි ඉතින් අපේ ඒ කෙල්ලෝ, ලෝකේ හොඳම කෙල්ලෝ කියල කිසිම සැකයක් නෑ.”