FAST NEWS

24×7 Around the Globe

‘ගොබ්ලින්’ දසුන් වැල්ලෙන් මවන මිං… (වීඩියෝ)

මෑතකදී කොරියාවේ විකාශය වූ රූපවාහිනි කතාමාලා අතරින් ජනප්‍රියත්වය අතින් ඉදිරියටම පැමිණි ‘ගොබ්ලින්’ පසුගිය සතියේදී අවසන් විය.

ගොන්ග් යූ, ලී ඩොන්-වූක් හා කිම් ගෝ-යුන් රඟපෑ මෙම කතාමාලාවේ අවසන් කොටස වාර්තාගත ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹා තිබුණි.

මේ වන විට එහි සංවේදී ජවනිකා කිහිපයක් වැලි වලින් නිරූපණය කරන අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇති අතර මෙම සෑන්ඩ් ආර්ට් වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මිං සේ (Ming Zhe) නම් කලාකාරිණියක් විසිනි.

‘ගොබ්ලින්’ නාට්‍යය වෙනුවෙන් කොරියානු ගායක ක්‍රෂ් විසින් ගායනා කර තිබෙන බියුටිෆුල් නම් ගීතය හා මුසු වූ මිං ගේ අපූරු දක්ෂතාවය පහත වීඩියෝවෙන්..