FAST NEWS

24×7 Around the Globe

තොටවත්ත රෝහණගේ ජන්ම පත්‍රය කියවා රෝහණට වැරදුන තැන හෙළි කරයි… (වීඩියෝ)

 

පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අනාවැකි කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවා සාර්ථක වූවා යැයි ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධියට පත් විජිත රෝහණ නම් ජෝතිර්වේදියා මේ දිනවල අන්තර්ජාලයේ වඩාත් කතා බහට ලක් වී තිබේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගන්න බවත් ඉන්දියානු අගමැති ලෙස මොදී පත්වන බවත් ඔහු ඉදිරිපත් කල සාර්ථක වූ අනාවැකි ලෙස අන්තර්ජාලයේ සදහන් විය.

නමුත් මිට මාස කිහිපයකට පමණ ඉහතදී අද (26) වන දින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ජිවිතයට ප්‍රභල තර්ජනයක් ඇති බවත් එයින් බේරීමට එතුමාට නොහැකි බවත් ඔහු විසින් දිගින් දිගට සනාත කල අනාවැකියකි.

එය එසේ සිදු නොවුනහොත් තමා මින් ඉදිරියට අනාවැකි කීම මෙන්ම සියලු ජෝතිෂ්‍යය කටයුතු වලින් බැහැර වන බව ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් 2017 ජනවාරි 18 වනදා ඔහු විසින් ආදාල අනාවැකිය වෙනස් කරන්නේ අප්‍රේල් මාසයේදී සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීමක් සිදු වන බැවින් ආදාල අනතුර මාස 10කින් කල්ගිය බවත් හා එය සනාථ නොවුනහොත් ඔහු අනාවැකි කීමෙන් පමණක් ඉවත් වන බව ඔහු නැවතත් පැවැසීය.

ඉහත කරුණු සලකා බැලු ඔහු සමග ජෝතිර්විද්‍යා මත ගැටුමක් පවතින 2015 ජනවාරි 8 ජනාධිපතිවරණය මෛත්‍රිපාල සිරිසේන මහතා ස්ථීරව ජය ගන්නා බව කියූ ඉන්දික තොටවත්ත විජිත රෝහණගේ ජන්ම පත්‍රය පරික්ෂා කරමින් 2017 ජනවාරි 19 වනදා වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හරිමින් විජිත රෝහණගේ අනාගතය පිළිබද අනාවැකියක් ඉදිරිපත් කර තිබේ.

එහිදී සදහන් වන්නේ ජනවාරි 26 සෙනසුරු මාරුවෙන් ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් ජනාධිපතිතුමාට කෙසේ වෙතත් විජිත රෝහණට උදා වී ඇති බවයි.

වසර 29කට පසු විජිත රෝහණගේ ජිවිතයේ අදුරුතම යුගය ජනවාරි 26න් පසුව ඇති වන බවත් සමාජයේ අපකීර්තිමත් පුද්ගලයෙක් වනවා වගේම නිසැක වශයෙන්ම සිරගත වීමට හෝ රෝහල් ගත වීමට නිසැකවම ජනවාරි 26ත් මාර්තු මස අග කාල සීමාව තුල ස්ථිර වශයෙන්ම සිදු වන බවත්ය.

තොටවත්ත විජිත රෝහණට කල අනාගත අනතුර සහිත අනාවැකිය පහත වීඩියෝවෙන්..