FAST NEWS

24×7 Around the Globe

අලුත් ලොතරැයිපත ගැන රවී කියයි…

 

දැනට ඇති රුපියල් විස්සේ ලොතරැයි පත්වලට අමතරව වැඩි තෑගි අවස්ථා සහිත රුපියල් 40ක් වටිනා ලොතරැයිපත් ද හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුව කල්තැබීම විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

ලොතරැයිපත රුපියල් 30 සිට රුපියල් 20ක් දක්වා යළි අඩුකරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම වෙනස්කිරීමේ හැකියාවක් තමන්ට නැතැයි ද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.