FAST NEWS

24×7 Around the Globe

27 නුගේගොඩ රැලියට යන දකුණේ මන්ත්‍රීවරු මෙන්න…

 

ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩදී පැවැත්වීමට නියමිත මහජන රැලියට සහභාගි වීමට දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සංසදය ඒකමතිකව තීරණය කරනු ලැබූ බැව් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පහළොස්දෙනකුගේ සහභාගිත්වයෙන් පෙරේදා (24) පැවැති මාධ්‍ය හමුවකදී දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා අනාවරණය කළේය.

දකුණු පළාත් සභා කමිටුශාලාවේදී පැවැති මෙම මාධ්‍ය හමුවට දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, දුල්ෂාන් කාරියවසම්, චම්ලි විතානාච්චි, අජිත් රාජපක්ෂ, අරුණ ගුණරත්න, බින්දු වීරසිංහ, ඉසුරු දොඩම්ගොඩ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා මෙසේ පවසන ලදි.

‘අපි ජනතාවගේ මතය නියෝජනය කරන පිරිසයි. නුගේගොඩ රැලියට ගියා කියලා විනය පරීක්ෂණ කරනවා නම් කරන්න ඕන අපිට ‍නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය එක්ක එකතුවෙලා දීග කන එවුන්ට විරුද්ධවයි.

අපි තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ. අපි තාමත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. අපි පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. විනය පරීක්ෂණ කරන්න ඕන රනිල්ගේ ඔඩොක්කුවේ ලැගලා කටු කන ඇමැතිවරුන්ටයි.’