FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකානුවන් අභිබවා වාර්තා සමග ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී..

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති තෙවැනි විස්සයි 20 තරගය කඩුළු 05 කින් ජය ගැනීමත් සමග විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත් විය.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම සිය මව් රටේදි පරාජය කර පළමු වරට විස්සයි 20 තරගාවලියක් ජය ගැනිමේ ගෞරවය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමී විය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ලකුණු 169 ක් රැස් කර ගත් අතර ශ්‍රි ලංකා කණ්ඩායම එම ලකුණු සංඛයාව පන්දුවාර 19 යි පන්දු 05 ක් තුළ අභිබවා යෑමට සමත් විය.

මෙහීද කැපි පෙනන ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 68 ක් ලබා ගැනීමට සමත් වු අතර ඔහුට තරගයේ වීරයා සම්මානය හා තරගාවලියේ වීරයාට හිමි සම්මානය හිමී විය.