FAST NEWS

24×7 Around the Globe

Fb , google ප්‍රවීණයෝ ලංකාවට…

 

එළැඹෙන මාර්තු මස 23 දා හා 24 දා ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමේ අරමුණ ඇතිව මෙම සමුළුව පැවැත්වෙන බව වාර්තා වේ.

ඒ සඳහා ෆේස්බුක්, ගූගල්, සෝෂල් කැපිටල්, ඉන්ෆොයිස් යන ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම්හි ප්‍රවීණයන් හා විධායක නිලධාරින් එක්වෙනු ඇතැයි රජයේ අපෙක්ෂාවයි.

එම සමුළුව පැවැත්විමට අදාළ ඉදිරි කටයුතු සංවිධානය කිරිම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.