FAST NEWS

24×7 Around the Globe

ශෂීගේ කෝටි තුන කතාවේ ඇත්ත නැත්ත මෙන්න…

 

දැනට රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ෂණයකදී රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගැනීම සම්බන්දයෙන් හෙළි කිරීමට නොහැකි වූයේ යැයි පල වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෝ පවසති.

මේ වන විටත් අදාල ප‍්‍රශ්න කිරීම් අවසන් කර නීතිපතිවරයා වෙත යවන ලද ලිපි ගොනුව නඩුවක් ගොනු කිරීම සදහා ප‍්‍රමාණවත් කරුණු නැති බව නීතිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බවද ඔවුන් කියා සිටිති.

විමල් වීරවංශ මහතා රිමාන්ඩ් කර ඇත්තේ ‘රජයේ වාහන අවභාවිතයට අනුබල දීම’ යන ඔප්පු කල නොහැකි මෙගා ඩීල් නොවන චෝදනාවකට නිසා මෙම තත්වය මගහරවා ගැනීම සදහා ඔහුගේ බිරිද සම්බන්ධ පුවත ආණ්ඩුව විසින් පතුරුවා හරින ලද පුවතක් පමණක් යැයිද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.