FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන් හා තිසර නැවතත් විස්සයි 20න් පිටියට…

 

පාකිස්තාන සුපර් ලිග විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක් කර ගැනිමට තරග සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබේ.

තරගාවලියේ විදෙස් ක්‍රීඩකයන් වෙනුවට අලුත් ක්‍රීඩකයන් බඳවා ගැනීම හේතුවෙන් ඩිල්ෂාන්ට හා තිසරට අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පේෂාවර් කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන් එක්කර ගැනීමට ඔවුන් තීරණය කර ඇත්තේ බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් වෙනුවට වන අතර කුයෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම තිසර පෙරේරා එක්කර ගැනීමට ඔවුන් තිරණය කර ඇත්තේ කොදෙව්හි රොව්මාන් පවෙල් වෙනුවටය.

පාකිස්තාන සුපර් ලීග විස්සයි 20 තරගාවලිය එළැඹෙන 9දා සිට මාර්තු 7 දක්වා ඩුබායි හා සාජි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.