FAST NEWS

24×7 Around the Globe

අබාධයේ තත්වය හා පැතිර යන කතා ගැන මැතිව්ස්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

කටකතා පැතිරවීම නවත්වන ලෙසත් යම්කිසි අලුත් දෙයක් වේනම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවත්  සිය ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

එසේම පෙරේදා (22දා) පැවැති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් තමන්ට සති දෙකක හෝ තුනක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙනු ඇතැයි භෞත චිකිත්සකවරයා සඳහන් කළ බවද  හෙතෙම පවසයි.

තවත් එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවකට තමන්ට මුහුණදීමට සිදුවෙනු ඇති බවත් අමාරු කාලයකදි කණ්ඩායමෙන් ඈත්වීම කණගාටුවට කරුණක් බවද ඔහු වැඩි දුරටත් පවසයි.