FAST NEWS

24×7 Around the Globe

සෝභිත හිමිගේ නැතිවූ මෝටර් රථයේ අැත්තම කතාව හෙළිවෙයි…

 

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ භාවිත කළ මෝටර් රථය අස්ථාන ගතවී ඇතැයි කළ පැමිණිල්ල අසත්‍ය බව කෝට්ටේ නාග විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය කැලණියේ සෝරත හිමියෝ ප්‍රකාශ කළහ.

එම වාහනයේ ඇතිවී තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට හෝමාගම ප්‍රදේශයේ ගරාජයකට භාරදී ඇති බවද උන්වහන්සේ පැවැසූහ.

එය අලුත්වැඩියා කිරීමට විශාල මුදලක් වැයවන හෙයින් බවත් ඒ සඳහා අවශ්‍ය මුදල විහාරය සතුව නොමැති හෙයින් කිසියම් දායක මහතෙකුගේ උපකාරයක් ලැබෙනතෙක් එය අලුත් වැඩියාව පමා වී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

කොට්ටේ නාග විහාරස්ථානයේ තිබූ සෝභිත හිමියන් භාවිත කළ මෝටර් රථය අතුරුදන් වී ඇතැයි එම විහාරයේ හිමිවරු පිරිසක් මිරිහාන පොලීසියට පසුගියදා (19) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.