FAST NEWS

24×7 Around the Globe

සැම්සුන් නෝට් 7 අවුල සොයාගනියි…!

 

දකුණු කොරියාවේ දැවැන්ත තාක්ෂණික සමාගමක් වන සැම්සුන් විසින් පසුගිය කාලයේ දී නෝට් 7 උපාංගය ගිනි ගැනීමට හේතුව සොයාගෙන තිබේ.

අද(23) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් සැම්සුන් සමාගම පවසා තිබුණේ එම උපාංගයේ බැටරි වල දෝෂයක් පැවත ඇති බවයි.

නෝට් 7 උපාංග ගිනිගත් සිද්ධීන් දිගින් දිගටම වාර්තා වීමත් සමග එම නිෂ්පාදනය යළි කැඳවා පසුව සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සැම්සුන් සමාගමට සිදුවිය.

මෙම යළි කැඳවීමට හේතුවෙන් එම සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වන අතර, මෙම සිදුවීම හේතුවෙන් එහි කීර්තිනාමයට ද දැවැන්ත පහරක් එල්ල විය.