FAST NEWS

24×7 Around the Globe

රොබෝ යුවතියට ඇති හැටහතර මායම් මෙන්න… (ඡායාරූප)

 

ලෝකයේ එක එක රටවල එක එක විදියේ රොබෝවරු ඕනෑතරම් නිෂ්පාදනය කර ඇති නමුත් ඒ එක රොබෝවෙකුවත් මිනිස් හැගීම් හෝ මිනිස් හැසිරීම්වලට සියයට සියයක් සමාන නොමැති බව අප දන්නා කරුණකි.

ඒ තරම් සමානව කිසිදිනෙකත් රොබෝ කෙනෙක් නිර්මාණය කිරීමට හැකියාවක් නොමැති නමුත් ‘ජියා ජියාගෙ’ හැසිරීම් සහ හැගීම් ප‍්‍රකාශ කිරීම, මිනිස් හැසිරීම්වලට සියයට 85 ක්ම සමාන වන බව වාර්තා වේ.

ජියා ජියාව නිර්මාණය කර ඇත්තේ චීන විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ඉන්න පර්යේෂකයින් පිරිසක් විසින්ය.

ජියා ජියා වයස අවුරුදු 25 ක 30 ක විතර පෙනුමක් ඇති රොබෝ තරුණියක් වන අතර ඇය සාම්ප‍්‍රදායික චීන ඇඳුම්වලින් සැරසී සාම්ප‍්‍රදායික චීන කොණ්ඩා මෝස්තරයක් දමාගෙන සිටින බවද වාර්තා වේ.

එසේම කාන්තාවන්ට ඇතැයි පවසන හැටහතර මායම්වලින් බාගයකටත් වඩා වැඩියෙන් ජියා ජියාට ඇති බවද පැවසේ.

එනම්, ඇයට ඇස් ගසන්නත්, ගස්සලා අනිත් පැත්ත හැරෙන්නත්, ඇස් කොනින් බලන්නත්, ඉගි කරන්නත්, ඇස් අඩවන් කරන්නත්, මද සිනහාවක් පාන්නත්, හොඳට ශබ්ද නගලා හිනා වෙන්නත්, දුක් සහිත මුහුණක් මවා ගන්නත්, තෙහෙට්ටු ස්වභාවයක් පෙන්වන්නත්, නළල රැළි කරන්නත්, දෙතොල් ඇද කරන්නත්, දිව දික් කිරීමේ හැකියාව වැනි ගොඩක් දේ සිදු කල හැකි බව වාර්තා වේ.

ඊට අමතරව ජියා ජියාගෙ ශබ්ද කෝෂයේ වචන ලක්ෂ 2 ක් විතර ඇති අතර ඒ නිසා එයා සමග නිවාඩු පාඩුවෙ කතා කිරීමේ හැකියාවත් පවතී.

වචන හැරුණාම ජියා ජියාට සුවඳ වර්ග 60 ක්, වර්ණ 80 ක් සහ රස 12 ක් දත්ත විදියට ගබඩා කර ඇති බවද වාර්තා වේ.

මේ වෙද්දි ජියා ජියා සිටින බව වාර්තා වන්නේ විශ්ව විද්‍යාලය ඇතුළෙ තියෙන පරිගණක කාමරයකය.

ඡායාරූප පහතින්..