FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් නැවත පැමීණීම ගැන ක්‍රීකට් ආයතනයෙන් නිවේදනයක්..

ශ්‍රී ලංකා ක්‍රීකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමීතව ඇත්තේ ඊයේ (22දා) පැවැති තරගයේදි ඔහු ආබාධයකට ලක්ව සිටි බවට වාර්තා වුවත් ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පුද්ගලික හේතුවකට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඇන්ජලෝ මැතිව්ස් නිවාඩු සඳහා අවශ්‍ය අවසරය පෙරදි  ඉල්ලා සිටි බවත් ඒ අනුව ඔහුට ඊට අනුමැතිය ලැබුණ බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිනයේදි තෝරා ගැනීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය පවසයි.

මැතිව්ස් ශ්‍රී ලංකාවට පැමිණි හෙයින් 25දා පැවැත්වෙන තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවීමට නියමිත බවත් පැවසේ.