FAST NEWS

24×7 Around the Globe

ඇමති ග්‍රේරුගේ පුතුගේ අප්‍රසිද්ධ විවාහය මෙන්න… (ඡායාරූප)

 

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරුගේ පුත් නිකිත ග්‍රේරු (28) පසුගිය දිනෙක අප්‍රසිද්ධ විවාහයක් සිදු කර ඇති බව වාර්තා වේ.

නිකිත, අධ්‍යක්ෂ ධූරය දරන ඔහුගේ පියාට අයත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 18 හැවිරිදි සිසුවියක වූ කිත්මී සමග නිකිත පෙම් සබඳතාවය අරඹා තිබුණ අතර ඇයට පසුගිය මැයි මාසයේ 18 වන විය සපිරුණ පසු විවාහ ගිවිස ගැනීම සැප්තැම්බර් මාසයේදී ගල්කිස්සේ වෙරළ හෝටලයකදී පවුලේ හිතවතුන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වූ උත්සවයකදී සිදු කර තිබේ.

ඒ වන විට ඇය උසස් පෙළ විභාගය අවසන් කර තිබූ අතර මෙම පුද්ගලික උත්සවයෙන් පසුව ප්‍රසිද්ධියේ ඔවුන් විවාහ උත්සවයක් පවත්වා තිබුනේ නැති අතර මේ වනවිට නිකිත තම විවාහය පිළිබදව සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබේ.

තමන් විවාහ වූ බවත් තම විවාහය නිමිත්තෙන් කිසිදු උත්සවයක් හෝ සැණකිලි අවස්ථාවක් පවත්වන්නට අදහසක් නැති බවත් කියන ඔහු වියදම් වන සියළු මුදල් වලින් ලංකාවේ ජීවත්වන නිවාස නොමැති අසරණ පවුල් කිහිපයක් තෝරාගෙන ඔවුන්ට අංග සම්පූර්ණ නිවාස තනා දීමට වැය කරන සත්කාර්යයේ යොදවන බව දන්වා තිබේ.

ඡායාරූප පහතින්..