FAST NEWS

24×7 Around the Globe

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මීල ඉහළ දැමේ ?

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් නිෂ්පාදනය සීමා කිරීමට සහ බොරතෙල් බැරලයක මිල ඉහළ දැමීමට කටයුතු කරන බව ඔපෙක් සංවිධානය සහ රුසියාව ප්‍රකාශ කරයි.

බොරතෙල් සැපැයුම් කප්පාදුව සඳහා තීරණය කිරීමට ලොව ප්‍රධාන පෙළේ තෙල් නිෂ්පාදකයන් ඔස්ට්‍රියාවේ වියානා නුවරට රැස්ව කළ සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත.

ඔපෙක් සංවිධානයට අයත් රටවල් පමණක් ඉදිරියේදී දිනකට බොරතෙල් බැරැල් මිලියන 1.8කින් තෙල් නිෂ්පාදනය කපා හැරීමට තීරණය කර තිබේ.

සෞදි අරාබියාව, ඇල්ගේරියාව සහ කුවේටය සාකච්ඡාවට පෙර සිටම තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීම ආරම්භ කළ බව සෞදි අරාබියා බලශක්ති සහ කර්මාන්ත අමාත්‍ය කලීඩ් අල් ෆාලි මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

සාකච්ඡාවලදී ගනු ලැබූ තීරණවලට අනුව ඉදිරියේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2.5කින් පමණ ඉහළ යනු ඇතැයි පැවැසේ. ඒ අනුව තෙල් බැරලයක මිල ඩොලර් 59ක් වනු ඇතැයි වාර්තා වෙයි.

ඇමෙරිකානු බොරතෙල් බැරලයක මිලද ඩොලර් 59 දක්වා ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි.