හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ජෝන්ස්ගෙන් සංගාට අවලාද.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ජෝන්ස්ගෙන් සංගාට අවලාද.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පල්ලේකැලේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7කින් පරාජය වී ටෙස්ට් තරගාවලියේ ජය පාකිස්තානයට හිමිවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්කාරගේ සේවය එම තරගයට නොලැබීම ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මාතෘකාවක් විය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පල්ලේකැලේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7කින් පරාජය වී ටෙස්ට් තරගාවලියේ ජය පාකිස්තානයට හිමිවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්කාරගේ සේවය එම තරගයට නොලැබීම ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මාතෘකාවක් විය.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ටෙන් ස්පෝට්ස් රූපවාහිනි නාළිකාවේ ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඩීන් ජෝන්ස් එම තෙවැනි ටෙස්ට් තරගය අවසානයේ පළකළ අදහස් ඒ අතරින් වඩාත් කැපී පෙනුණි.

ඔහු පවසා සිටියේ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියේ නම් අවසන් ප්‍රතිඵලය ඊට වඩා වෙනස් විය හැකි බවත් ඕනෑම ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයකු සෑම විටම තම රට අංක එකට තබා කටයුතු කළ යුතු බවත්ය.

ශ්‍රී ලංකා පාකිස්තාන් ටෙස්ට් තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගය සඳහා සංගක්කාර ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් විවේචනයට ලක් කරමින් එහිදී අදහස් දැක්වූ ඩීන් ජෝන්ස් තවදුරටත් කියා සිටියේ සංගක්කාර එවන් ඉල්ලීමක් ක්‍රිකට් ඕස්ට්‍රේලියා වැනි ආයතනයකට ඉදිරිපත් කළේ නම් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව අත්හැර ගෙදර යෑමට සිදුවන බවයි.

හිටපු ශ්‍රී ලංකා නායකයකු වන කුමාර් සංගක්කාරට පසුගිය ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගය සඳහා ක්‍රීඩා නොකිරීමට හේතුවක් තිබෙන්නට ඇතත් එහෙත් නිතරම තම රට පළමු තැනට ගෙන කටයුතු කළ යුතු යැයි ඔහුට බලපෑම් කරන්නට තිබූ බවද හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරුවාගේ අදහස් විය.

රූපවාහිනි විචාරක අට්ටාලයේ සිටි පාකිස්තාන් විස්තර විචාරක සිකන්ධර් බක්ට් සමඟ සංවාදයේ යෙදෙමින් බක්ට්ගේ පැනයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ ජෝන්ස් “සංගක්කාර මෙහි සිටින ඔහුගේ උසස් නිලධාරීන් සමඟ කතා කර තීරණ ගන්න තිබුණා.

ඔහු ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට එංගලන්තයට ගිය තීරණය ඔහුගේ පැත්තෙන් බැලුවොත් නරක තෝරා ගැනීමක් නෙවෙයි. මොකද මේ කාලේ ටෙස්ට් ක්‍රීඩාවට සාපේක්ෂව බැලුවාම දිනය අවසානයේ ඒ වගේ තරගවලින් ලැබෙන වාසිය වැඩියි. එහෙත් මට නම් එකම අරමුණ පළමුව මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි. ඒක කාටවත් බාල කරන්න බැහැ. මට එකක් කියන්න පුළුවන්. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේ වගේ ඉල්ලීමක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලුවා නම් ඔවුන් එම ක්‍රීඩකයාට කියාවි ක්‍රිකට් ගහන්නේ නැතිව ගිහිල්ලා තමන්ගේ වැඩක් බලාගන්න කියලා. මොකද හේතුව කුමන මට්ටමේ තරාතිරමක පුද්ගලයකු වුවත් ඊට වඩා ඔවුන්ට රටේ ක්‍රිකට් වටිනවා. මගේ රටේ ක්‍රිකට් පරිපාලනය කරන හැටි එහෙමයි” යනුවෙන්ද ඔහු කීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ගිය සංගක්කාර ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් පසුව තම ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව දැනටමත් ප්‍රකාශ කර ඇත