FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්දෙන් මැකී යන ගම්මාන 6 මෙන්න…

 

මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාරම්පරික ගම්මාන 6ක් ලංකා සිතියමින් මැකී යන බව ව්‍යාපෘති ඉන්ජිනේරු කාර්යාලය සඳහන් කරන ලදි.

කඹරව, ගල්පෝරුගොල්ල, ඇළගමුව, තලාගොඩ, කඩවත, මැදපිහිල්ල යන ග්‍රාම නිලධාරි වසම් මේ අනුව මහා ජලකඳින් යටවී යන අතර ලංකා සිතියමේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහත කී ගම්මාන හය යළි කිසි දිනක දැකගැනීමට නොහැකි වනු ඇත.

මීට අමතරව කොන්ගහවෙල හා රජාවෙල ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොටසක්ද ජලයෙන් යටවීමට නියමිත බව ව්‍යාපෘති කාර්යාලය සඳහන් ක‍ලේය.