FAST NEWS

24×7 Around the Globe

පාසලේ ගෙල වැලලා ගැනීමට ගිය පාසල් සිසුවා…

තම පෙම්වතිය බිය ගැන්වීමේ අරමුණින් පාසලේ පංති කාමරය තුළදී ගෙල වැලලා ගැනීමට උත්සහ කළ බව කියන පාසල් සිසුවෙකු මිතුරන් විසින් බේරාගෙන සීගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ සිසුවා සීගිරිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නෙකු වන අතර ඔහු එම පාසලේම සිසුවියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර පෙම්වතිය බිය ගැන්වීම සඳහා මෙම සිසුවා පංති කාමරය තුළදීම මෙලෙස ගෙල වැලලා ගැනීමට උත්සහ දරා තිබේ.

පාසලේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඔහු මෙලෙස දිවි නසා ගැනීමට උත්සහ දරා ඇති බව වාර්තා වෙයි.