FAST NEWS

24×7 Around the Globe

26 මාරුවෙන් සජිත්ගේ වෙනසක්- සිංහ නමක් එජාපයට.. සුමනදාස කියයි…

 

එළඹෙන මාර්තු31 වෙනිදා සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස නියත වශයෙන්ම දිවුරුම් දෙන බව රාජකීය ජෝතීර්වේදී ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතා පැවැසීය.

මෙම මස 26 වෙනිදාට යෙදී ඇති ග්‍රහමාරුව ලාංකීය දේශපාලනය උඩු යටිකුරු කිරීමට තරම් සමත් ග්‍රහමාරුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහු සමග සමීපව දේශපාලනයේ නියතු ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් දේශපාලනයෙන් විශ්‍රාම යන බවත් ඒ මහතා අනාවරණය කලේය.

රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති වන අවස්ථාවේ ඒ මහතාගේ ජන්ම පත්‍රයේ බලවත්ව සිටි ග්‍රහයන් මේ මස 26 වෙනිදායි පසු සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම පත්‍රයේද එලෙසම බලවත්ව පිහිටන බවත් 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ප්‍රකාශ කලේය.

නමුත් 2020 ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් අනාවැකියක් පල කිරීමට තමන් සූදානම් නැති බවත් එසේ වන්නේ විපක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දැනීමක් නොමැති නිසා බවත් පැවැසීය.

ඉදිරි වසර 12ක් කාලය සදහා එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව සදහන් කල සුමනදාස මහතා සජිත් ගෙන් පසු එජාප නායකත්වය ගැනද ඉගි පල කලේය.

බොහෝ විට සජිත්ගෙන් පසු තවත් සිංහ නම සදහන් තරුණ දේශපාලකයෙකු එජාප නායකත්වයට පත්වනු ඇතැයි හෙතෙම විශ්වාසය පල කලේය.

– abrighterfuture.lk