FAST NEWS

24×7 Around the Globe

මියගිය අප්පච්චි නැවත ඉපදිලා, මං අප්පචිටයි වැඩ -විජිත් විජයමුණි සොයිසා

ජනවාරි 08 වැනිදා මිය ගිය අප්පච්චි නැවතත් ඉපදී ඇතැයි ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බිබිලේදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

‘මහින්ද මහත්තයාට නාමයෝජනා දෙන්න එකග වීම ගැන මට අතිශය සතුටුයි. මං කිසිදා පක්ෂය හැරදා නොයන හොද ශ‍්‍රී ලංකාකාරයෙක්. මියගිය අප්පච්චි නැවත ඉපදිලා. මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට පූර්ණ සහාය ලබා දෙනවා.එතුමාට නාම යෝජනා ලබාදීම ගැන කරුණු විමසද්දී මම මගේ කැමැත්ත කලින්ම පළ කරපු කෙනෙක්’ යයිද ඇමතිවරයා එහිදී කියා සිටියේය