FAST NEWS

24×7 Around the Globe

අසාධ්‍ය වූ ප‍්‍රින්ස්ට මොකද වුනේ…?

 

දැඩි සේ රෝගාතුර වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රින්ස් උදයප‍්‍රියන්ත යළිත් නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

80 දශකයේ දී ජාතික තරුණ සේවා සභාවේ සංගීත අංශයෙන් කලා ලොවට බිහි වූ ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත ‘පෙම්වතුන් සිනා සේ’ ගීතයෙන් රසිකයින් අතරට එක්විය.

ඔහු සුදු මල් පොකුරක්, විජිතයේ ආදරේ, සඳ රේණු වැහෙනා ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබේ.

ප්‍රින්ස්ගේ නැගණිය සඳහන් කළේ ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්තගේ රෝහල් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක් පමණ වැය කර ඇති බවයි.

එසේම ඇය සඳහන් කළේ ඉඩමක් විකුණා සහ තවත් ඉඩමක් උකස් කර මෙම මුදල ගෙවූ බවත් හා තවත් රුපියල් 650000/-ක් රෝහලට ගෙවීමට නියමිතව බවත්ය.