FAST NEWS

24×7 Around the Globe

මාදුළුවාවේ සෝභිත හිමිගේ දෙකෝටියක බෙන්ස් කාර් එක අතුරුදහන්…

 

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරුව සිටි අපවත් වී වදාළ කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි භාවිත කරන ලද රුපියල් කෝටි දෙකකට වඩා වටිනාකමකින් යුතු බෙන්ස් මෝටර් රථයක් අතුරුදහන් වී තිබේ.

මේ සම්බන්දයෙන් මිරිහාන පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසීය.

දැනට මාස හතක පමණ කාලයක සිට අදාල මෝටර් රිය අතුරුදහන් යැයි පැමිණිලි කර ඇත්තේ පූජ්‍ය උඩතලකන්දේ ආරියරත්න හිමි ඇතුළු දායකයන් පිරිසක් විසිනි.