බ්ලූමවුන්ටන් සමාගම් සමූහයට අයත් බ්ලූමවුන්ටන් අපාර්මන්ට්ස් විසින් සිය විශිෂ්ටතම සංවර්ධන ව්‍යාපෘතිය වන අකිලියොන් හි ඉදිකිරීම් සුබ මොහොතින් ආරම්භ කිරීම අද (19දා) මැති ඇමතිවරුන් ප්රමුඛ ආරාධිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.
එළැඹෙන 2020 වර්ෂයේදී නිමවා අවසන් කිරීමට සැලසුම් කර ඇති මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආයෝජනය රු.බිලියන 30කි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරය තුළ මින් පෙර නොදුටු නව්‍යකරණයේ අලුත් මානයන් මතින් ගොඩනැගෙන සමෘද්ධිමත් අනාගතයක ප්රවේශකරුවා ලෙසින් මෙම ව්‍යාපෘතිය සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාව හමුවේ දිදුලනු ඇති බව ඔවුහු පවසති.
මෙම ව්‍යාපෘතියේදී බ්ලූමවුන්ටන් අපාර්මන්ට්ස් සමග සහකරුවන් ලෙස සිංගප්පූරුව මධ්‍යස්ථානය කරගත් කීර්තිමත් Palmer and Turner Group සහ Index අභ්‍යන්තර ගෘහ අලංකරණ සමාගම් එක්වෙති.
එමෙන්ම,මෙම නිවාස සංකීර්ණය ගොඩනැගෙන භූමියේ වටිනාකම රු.බිලියන 2.34ක් වන අතර එය ශ්‍රී ලාංකේය මෑත ඉතිහාසයේ සිදුකරනු ලබූ දැවැන්තම ඉඩම් අත්පත්කර ගැනීම් අතරින් ප්‍රමුඛස්ථානයේ පසුවෙයි.
මෙම ව්‍යාපෘති භූමිය පිහිටා ඇත්තේකොළඹ 4, බම්බලපිටිය ආශ්‍රිතවය.







