FAST NEWS

24×7 Around the Globe

සජිත්ට හා අමුණුගමට අලුතෙන් දෙන්න හදන ඇමති තනතුරු ගැන රහස් කතා…

 

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවණයකට පෙර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා වහා කටයුතු කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සමීප ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහත් මුදල් ඇමති රවී කරුණානායකත් එම ධුරයන්ගෙන් ඉවත් කර නව පුද්ගලයින් පත් කරන්නැයිද එම පිරිස් යෝජනා කර තිබේ.

මෙම පිරිස විසින් යෝජනා කර ඇත්තේ චමල් රාජපක්‍ෂ හෝ සජිත් පේ‍්‍රමදාස අගමැති කර මුදල් ඇමති ධුරයට සරත් අමුණුගම පත් කරන ලෙසයි.

මේ වන තෙක් ජනාධිපතිවරයාගෙන් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නැතැයිද වාර්තා වෙයි.