FAST NEWS

24×7 Around the Globe

රෝයල් සෙරමික් සමාගමේ කොටස් අයිතියෙන් රක්ෂණ සංස්ථාව සහ ETF නික්මෙයි…

 

රෝයල් සෙරමික් සමාගමේ සිය කොටස් අයිතිය විකුණා දැමීමට සේවක භාරකාර අරමුදල (ETF) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අද (19) දිනයේ දී පියවර ගනු ලැබීය.

මේ අනුව රෝයල් සෙරමික් පීඑල්සී හි 5 වැනියට විශාලතම කොටස් හිමියා වූ සේවක භාරකාර අරමුදල සතුව තිබූ කොටස් 1,981,270 (1.77%) ක් සහ 9 වැනියට විශාලතම කොටස් හිමියා වූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – ජීවිත රක්ෂණ අරමුදල සතුව පැවති කොටස් 1,353,186 ක් (1.22%) රු. 125.00 බැගින් අලෙවි කර තිබේ.

මෙහිදී ගිවිසගනු ලැබූ ගනුදෙනු ලෙසින් රෝයල් සෙරමික් කොටස් මිලියන 5.5 ක් අද(19) දිනයේ දී රු. 125.00 බැගින් ගනුදෙනු වී තිබේ.

කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදෙස් ආයෝජකයෙකු විසින් මෙම මිල දී ගැනීම සිදුකර ඇති බවයි.