FAST NEWS

24×7 Around the Globe

සැම්සුන්ග් ප්‍රධානීයාට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි..

සැම්සුන්ග් සමාගමේ ප්‍රධානී ලී ජයියොංග් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම දකුණු කොරියානු අධිකරණයක්  ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

දකුණු කොරියානු ජනාධිපති පාක් ගෙවුන් හී ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමේ ක්‍රියාවලියට අදාළව මෙම දූෂණ චෝදනාව එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් සැම්සුංග් සමාගමේ ප්‍රධානියා අදාළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

සැම්සුංග් ප්‍රධානියා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 36කට අධික මුදලක් පවතින ආණ්ඩුවේ සුරක්ෂිතභාවය රැකගැනීම සඳහා අල්ලස් දී ඇති බවට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.