FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ලැයිස්තුවකට වැටුන ඊජිප්තු පා පන්දු තරුව මෙන්න…

 

ඊජිප්තු පා පන්දු පිළේ හිටපු ක්‍රීඩක මොහොමද් අබුට්‍රිකා එරට බුද්ධි අංශ විසින් සකස් කරනු ලැබූ ‘ත්‍රස්ත ලැයිස්තුවේ’ සිටින බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරන ලදි.

මොහොමද් අබුට්‍රිකා අවස්ථා ගණනාවකදී ඊජිප්තු කණ්ඩායමට ජයග්‍රහණ රැසක් හිමිකර දීමට සමත්වූ අයෙක් වන අතර මොහු ත්‍රස්තවාදී කල්ලි සමඟ සම්බන්ධකම් පවත්වන්නේ යැයි ඊජිප්තු බුද්ධි අංශ පවසන ලදි.

ත්‍රස්ත ලැයිස්තුවට නම ඇතුළත් කිරීමෙන් පසු, මොහොමද් අබුට්‍රිකාගේ සියලු බැංකු ගිණුම් අත්හිටුවීමටත්, ඔහුට රටින් පිටවීම තහනම් කිරීමටත් ඊජිප්තු රජය පියවර ගෙන තිබේ.