මන්නාරමේ සිත්තිවිනයාගපුරම් ප්‍රදේශයේ කැලෑවක එල්.ටී.ටී.ඊ ය විසින් වළලා තිබූ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (18දා) සවස ගොඩගත් බව මන්නාරමේ ගුවන් හමුදා බුද්ධි අංශය පැවැසීය.
තම බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම යුද උපකරණ සොයාගත් බවත්, කාලතුවක්කු උණ්ඩයක්, බිම්බොම්බ 10 ක්, අත්බොම්බ දෙකක්, ආ.පී.ජී. උණ්ඩ දෙකක්, මෝටාර් උණ්ඩ 05 ක් ඇතුළු තවත් යුද උපකරණ තොගයක් හමුවූ බවද ගුවන් හමුදා බුද්ධි අංශය සඳහන් කලේය.
මන්නාරම දිසා අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත එසේ හමුවූ යුද උපකරණ තොගය මන්නාරමේ ජනශූන්‍ය ප්‍රදේශයකදී පුපුරවා විනාශ කිරීමටද අවසර ලැබී ඇතැයි ගුවන් හමුදාව පැවැසීය.
ඡායාරූප පහතින්..










