FAST NEWS

24×7 Around the Globe

ලොව උණුසුම්ම වසර මෙන්න…

 

ලෝක උෂ්ණත්වය වැඩිම වර්ෂය ලෙස 2016 වසර වාර්තා අතරට එක්ව තිබේ.

නාසා ආයතනයේ දත්තවලට අනුව බ්‍රිතාන්‍ය කාළගුණ විද්‍යා අංශය ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස අධික උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ තුන්වන වතාවට බවයි.

පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑම සමඟ ඇතිවන එල්නිනො තත්ත්වය මෙයට ප්‍රධානතම හේතුව බව කාළගුණ විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.

එම වාර්තා සඳහන් කළේ 2015 වසරට වඩා 2016 වසරේදි සෙල්සියස් අංශක 0.07කින් උෂ්ණත්වයේ ඉහළ ගොස් ඇති බවයි .